ඔස්ට්‍රේලියාවට හොද තරගයක් දෙන්න ඕනෙ‍


සිය කණ්ඩායම පන්දුයවන අවස්ථාවේ, පවර් ප්ලේ ලබා ගැනීමේදි යම් වරදක් වූ බව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පවසයි.


ඔහු මේ බව ප්‍රකාශ කළේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් කඩුලු 7ක පරජායක් ලැබීමෙන් අනතුරුව ඊයේ පැවති මාධය හමුවට එක්වෙමිනි.


" මම හිතන්නේ පළමු පන්දුවාර 10දි අපි හොදින් ක්‍රීඩා කළේ නැහැ කියලා. ඒ නිසා ඉන්දියාවට හොද අවස්ථාවක් ලැබුණා ලකුණු රැස් කරන්න. මම කියන්න ඕන ඉන්දීය කණ්ඩායම මුළු ඉණිම පුරාම හොදින් ක්‍රීඩා කළා. අපේ පන්දු යැවීම සහ පන්දු රැකීම හොද තත්ත්වයක තිබුණේ නැහැ. අපි හිතුව අවස්ථාවේ පවර් ප්ලේ ගන්න අපිට බැරිවුණා. අපි කල්පනා කළේ පවර් ප්ලේ අවස්ථාව ටිකක් පරක්කු කරන්න, පන්දුව පරණ වෙනකම්. එහෙත් මම දැන් හිතනවා එය වැරදි තීරණයක් කියලා. ඒ නිසා ඉන්දීය කණ්ඩායම ලකුණු වැඩියෙන් රැස් කළා. පවර් ප්ලේ ගන්න හිටියේ තවත් කඩුල්ලක් දැවී ගියානම්. එහෙත් ඉන්දීය කඩුලු දැවී ගියේ නැහැ. 20 හෝ 22 පන්දුවාරවලදි අපි පවර් ප්ලේ ගන්න හිටියේ. එහෙත් එය ප්‍රමාද වුණා. ඉන්දියාව සෑම අවස්ථාවකදීම හොදින් ලකුණු රැස් කිරිමේ වේගය පවත්වාගෙන ගියා. ඉදිරියේදි තිබෙන තරගය ලෙහෙසියට ගන්න බැහැ.  මොකද ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වනවිට හොද තත්ත්වයක ඉන්නේ. මම හිතන්නේ ඔවුන් එම තරගයේදි හොදින් ක්‍රීඩා කරාවි. කෙසේ නමුත් ඔස්ට්‍රේලියාවට හොද තරගයක් දීලා අවසන් තරගයට ක්‍රීඩා කරන්න හැකි සෑම උත්සාහයක්ම ගන්නවා"

3 Comments:

බට්ටි said...

ෆයිනල් ආවත් එදා වෙච්ච ලැජ්ජාවෙන් බේරෙන්න පුළුවන් වෙයිද? 

රාජ් said...

50ට 50 දෙපැත්තටම තියෙන්නෙ.

රුවන් ගේ සිතුම්... said...

එහෙම කියන්න එපා බට්ටී වැටි වැටි නැගිටින්න එපැයි

Post a Comment

කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.

 
Design by Sri Lanka | Bloggerized By Yasantha Ruwan Karunarathne | yasantha.net@gmail.com | Pitigala