බයිසිකලය වඩාත් ගැළපෙන ප්‍රවාහන මාධ්‍යයක්‌ ලෙස

මානව ඉතිහාසයේ යම් තැනක රෝදය යන සංකල්පය කවරකු හෝ විසින් හඳුනාගන්නා ලද දිනයේ පටන් එය නූතන මානව ශිෂ්ටාචාරය හැඩැගැන්වීමෙහි ලා තීරණාත්මක විය. මේ සංකල්පයෙහි ප්‍රබලත්වය අද අපට එතරම් නො දැනෙන්නේ යාන්ත්‍රික බලය වඩා ප්‍රමුඛ වී රෝදය යන උපාංගය එහි අවයවයක්‌ පමණක්‌ බවට පත් වී ඇති බැවිනි. කෙසේ වෙතත් එක්‌ යෙදුමක්‌ පමණක්‌ ශත වර්ෂ ගණනාවක්‌ මුළුල්ලේ අප අතර ගැවසෙමින් රෝදය යන සංකල්පයෙහි ඇති හුදෙකලා බලය නිරන්තරයෙන් අපට සිහිගන්වයි. ඒ අන් කවරක්‌ වත් නො ව බයිසිකලයයි ත දුප්පතා ගේ හිතවතා නැත හොත් මහපාරේ ආශ්චර්යයයි.




මිනිස්‌ බලය මිස අන් බලයක්‌ අවශ්‍ය නො වන, සරල සැකැස්‌මක්‌ ඇති හෙයින් අඩු මිලකට උරුමකම් කියන මේ කාර්යක්‌ෂ්ම ශක්‌ති පරිවර්තකය අසාමාන්‍ය ලෙස මානව හිතකාමී උපකරණයකි. පුද්ගල ප්‍රවාහන මාධ්‍යයක්‌ ලෙස මෙන්ම බඩු බාහිරාදිය ප්‍රවාහනය උදෙසා ද එහි ප්‍රයෝජනවත්භාවය අතිමහත් ය. කෙසේ වෙතත් කලෙක ශ්‍රී ලංකාවේ සැම ගම් දනව්වක ම පාහේ බහුලව දක්‌නට ලැබුණු බයිසිකලය දැන් දැන් භාවිතයෙන් ඈත් වෙමින් තිබේ. මෙය සිදු වන්නේ වත්මන් සමාජ ආර්ථිකය ඇසුරු කර ගනිමින් පරිණාමය වන නව ආකල්ප රටාව හේතුවෙනි. කෙතරම් ලාබදායී ප්‍රයෝජනවත් වෘත්තියක්‌ වුවත් ගොවි වෘත්තියට නූතන තරුණයන් ගේ ඇති ඇල්ම අඩු වී ඇති ආකාරයට ම, කෙතරම් ලාභදායී ප්‍රයෝජනවත් වාහනයක්‌ වුවත් බයිසිකලය භාවිතයට නූතන ශ්‍රී ලාංකිකයෝ මැළිකමක්‌ දක්‌වති.



කෙසේ වෙතත් මේ "රෝගය" ආසියාවේ අනෙක්‌ රටවල නම් දක්‌නට නැත. ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, චීනය, පිලිපීනය බඳු රටවල ජනතාව තමන් ගේ ජීවන හා ආර්ථික තත්ත්වය ඉහළ නංවා ගැනීම සඳහා මේ රෝද දෙකේ වාහනය හරි හරියට උපයෝගී කර ගනිති. ප්‍රංශය සිංගප්පූරුව වැනි දියුණු රටවල් පවා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය ආදී යෙදුම් සඳහා බයිසිකලය භාවිත කරයි. දිගු දුරක්‌ ගමන් කළ යුතු, වේගවත් විය යුතු, වැඩි බරක්‌ ගෙන යා යුතු ප්‍රවාහන අවශ්‍යතා සඳහා ත්‍රීරෝද රථ, මෝටර් සයිකල, මෝටර් රථ ආදී යාන්ත්‍රික ප්‍රවාහන උපක්‍රම අවශ්‍ය වුවත් අප ගේ එදිනෙදා ප්‍රවාහන කටයුතු දෙස විපරම් සහගතව බැලු විට ඉන් සැලකිය යුතු කොටසකට මෙතරම් යාන්ත්‍රික බලයක්‌ අත්‍යවශ්‍ය නො වන බව පෙනී යයි. සැබෑ ලෙසට ම අප ගේ අවශ්‍යතාවන් බොහොමයක්‌ වඩා පරිසර හිතකාමී හා ආර්ථික හිතකාමී ලෙස බයිසිකලයක්‌ මගින් ඉටු කරගත හැකි ය. එමඟින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභය ද බොහෝ ය. නැවතත් බයිසිකලය වෙත පැමිණීම සඳහා සිදු විය යුත්තේ ආකල්පමය සංවර්ධනයක්‌ පමණි.

alertpay වල තියෙන Money අපේ බැංකු ගිණුමකට දාගන්න පුළුවන්ද?


මට මේකෙ තියෙන මුදල් වෙන තැනකට දාගන්න විදියක් නෑ.මේකෙන් ebay එකටවත් ගෙවන්න බැනෙ.alertpay වල තියෙන Money අපේ බැංකු ගිණුමකට දාගන්න පුළුවන්ද? එහෙම ක්‍රමයක් ගැන දන්නවනම් පොඩි සපෝට් එකක් දෙන්න. Help me.......Tnz.

මමත් පොඩියට net money හොයන්න පටන් ගත්තා

කොහොමද,ගොඩක් දවසකින් මේ පැත්තෙ ආවෙ.මමත් පොඩියට net money හොයන්න පටන් ගත්තා.මම මේවැයින් තමා වැඩේට බැස්සෙ.නරකම නෑ වැඩේ......කැමතිනම වැඩේට බහින්න.. හරිම ලේසියි click කරන්නයි  ටිකක් බලන්නයි විතරයි ඕනෙ.



http://www.onbux.com/?r=yasanthasri







http://www.ifbux.com/?r=yasanthasri  මේකෙන් මම $0.02 අරගෙන තියෙනවා දැනට. 
ටිකක් වෙලා යනව නැත්නම් money නම් ගෙවනවා දවසෙන්ම.

 
Design by Sri Lanka | Bloggerized By Yasantha Ruwan Karunarathne | yasantha.net@gmail.com | Pitigala