අපේ රටේ රථවාහන නීති හදල තියෙන්නෙ අපේ ආරක්ෂාවටද නැත්නම් පොලීස් අයියලට ජරාව කන්නද?

මම මෙහෙම දෙයක් ගැන ලියන්න හිතුනෙ හොදට මේවයෙන් හෙම්බත් වෙලා.ඇත්තටම හරියට බැළුවොත් අපේ රටේ නිති එක්ක බැළුවහම වාහනයක් ගත්තට පාරෙ යන්න බෑ.පාරවල් හදන්නැතිය යන එන වාහනවලට සීමා නිති දාන එක තමයි අපේ රටේ කෙරෙන්නෙ.හොදට ඉඩකඩ තියෙන පාරකවත් 70-80 යන්න බෑ.අද යන්න තියෙන ගමනක් දවස් දෙකකට කලින්වත් පිටත් වෙන්න ඕන.නැත්තම් 1km න් 1km ඉන්න පොලිස් අයියල නවත් වල කියන නීති රීත වලට, දඩ වලට,ජරාවලට(ඒ කිවුවෙ අල්ලස් වලට ) මූන දුන්නම යන ගමනෙනුත් වගතුවක් නෑ.නීති රීති පෙන්නල ඉල්ලන්නෙම ජරාවම තමා.හැම කෙනෙක්මත් එහෙම නෑ මොකද එහෙම කිවුවොත් වැරදි හොද නිතිගරැක යතාර්ථය දකින පොලිස් අයියලත් නැතිව නෙමේනෙ.
හැබැයි ලොකු ලොකු කාර්,කැබ්, ප්‍රාඩෝ වගේ වාහන දිහා ඇහැක් ඇරල බලන්නැති පොලිස් අයියල... බයික් එකත් එතකොට ත්‍රීවිල් එකක් දැක්කහම පාරෙ ඉදගන්නව.කොහොම හරි ඩදකොලයක් දෙන මුවාවෙන් කීයක් හරි කොටා ගන්නව.
කළු වීදුරැ කරපු වාහන වල දැන් අයිත් ගලවන්න කියල නිතියක් ආල.මොකද මේගොල්ලො හිතාගෙන ඉන්නෙ ලංකාව කියන්නෙ අයිස්ලන්තෙ කියල වෙන්නැති.වීදුරැ කළුකරන්නෙ රස්නෙ අඩු වෙන්නනෙ.. මේගොල්ලො කීයන්නෙ වීදුරැ කළු කරන් යන්නෙ හොරැ,තක්කඩි,කුපාඩියො කියලනෙ.පොලීසියෙ දුර්වල කම්වලට අපරාද අඩුකර ගන්න බැරිවුනාම පලි වාහන කළු වීදුරැ කිරීම තමා.ඇත්තම කතාව තමා කටුස්සන්ගෙ කරේ රත්තරන් බැන්ද අපිට මේවා වෙලා මදි.නොගැලපෙන උගත් මෝඩයො පත් කරාම රටටකට මෙහෙම වෙනඑක නවත් වන්න බෑ.මේරටේ නිදහසේ යන්න පුළුවන් පයින් විතරයි....ඒකවත් කවුරැහරි නීතියක් හදාවිද දන්නෑ...මොකද රජය නඩත්තු කරන්නත් මුදල් ඕන ඇතිනෙ.

හොදම Widows XP ද Widows 7 ද?

මම මුලින් භාවිතා කලේ Widows XP.ඒක ගොඩාක් software වලට සපෝට්
කරනවා.දැනට වැඩි හරියක් software තියෙන්නෙ Widows XP වලට. Widows XP
වල මට වැඩ කරගෙන යද්දි කිසිම ගැටළු ආවෙ නෑ.drivers හොදට සපෝට්
කරනවා.නැතිනම් නොමිලේ net එකෙන් download කර ගන්න පුලුවන්.
නමුත් අළුත් version එකක් ආවහම පරණ එක අත ඇරල අළුත් එකට දා ගන්න වනෙ.
මමත් එහෙම කලා. Widows 7 දාන්නත් ලේසි.මට මුලින්ම ආව ගැටළුව තමයි
Drivers සපෝට් නොකරන එක.වැඩියෙන්ම VGA Drivers තමයි හොයා ගන්න
අමාරැ වුනේ. Widows 7 වලට පරණ vga කාඩ් ගැලපෙන්නෙ නෑ.අළුත් ඒව නම් සපෝට්
කරනවා.වේගය අතින් නම් Widows 7 ඉදිරියෙන්.copy කරන එක ඉක්මනින්ම කර
ගන්න පුළුවන්.හැබැයි ගොඩක් Widows XP වල වැඩ කරන software Widows 7 වල
වැඩ කරන්නෑ.පෙනුමයි,වේගයයි ගැන බැලුවාම Widows 7 ‍ හොදටම හොදයි. Widows 7 හොදද,Widows XP හොදද?

අපේ දේශපාලන යට වෙලා තියෙන දේ.......

දේශ පාලන පක්ෂ අපේ රටේ දැන් ගොඩක් තියෙනව.නමුත් එක පක්ෂයකටවත් හරි දැක්මක් නෑ.තියෙන්නෙ මතබේද විතරයි.සමහර පක්ෂ නමට විතරයි,තවත් ඒව හරි නායකත්වයක් නැතිව කෑලි වලට බෙදිල.අපේ දේශපාලන නියෝජිතයන්ට නම් ඇත්තටම පක්ෂයකින් වැඩක් නෑ.බලය තියෙන පැත්ත කෝකද ඒකට මොන බොරැවක් හරි කියා ගෙන එකතු වෙනව.ජනතාවට තියෙන ආදරේ වැඩි කමට තමා  එහෙම කරන්නෙ.මොකද ජනතාවට සලකන්නත් එපැයි.මේ දවස්වල වැඩියෙන් කතා කරන්නෙ ගං වතුර ගැන.ඒ වුනාට බලන්න පුළුවන් ලබන සැරේවත් මෙවන් විපත් අවම කරන්න අපේ දේශපාලන පක්ෂ ගන්න පියවර මොනවද කියල.

පාර්ලිමේන්තු ගිය නවක නියෝ ජිතයො හරි හරි කතා කියන්න දැන්මම පටන් අරන්.හැබැයි ඒගොල්ලන් කොයි විදියට රගපෑවත් ඒගොල්ලන්ගෙ සැබෑ සොරෑපය හැම කෙනාම දන්නවනෙ.
ඉදිරියට වත් උගත් කමක් නොමැති නියෝජිතයො ඇමතිකම් වලට ඉල්ලන එක වලක්ව ගන්න අඩුම ගානෙ
ඇමතිකෙනෙක් වෙන්න සුදුසු කම් වලට ලංකාවෙ උපාධියක්වත් තිබීම ඇතුල් කරන්න ඕනෙ.අපි හැමදාම එකතැන පල්වෙනව.... අනෙක් ජාතීන් ඉදිරියට යනව.....

ගෙදරදීම සාදාගත හැකි ඉතා සරල FM MIC එකක්

මෙය නිවසේ අය සමග විනෝද වීම සදහා කදිම පරිපතයක්.මෙය ගෙදර තියෙන රේඩියෝව මගින් ටියුන් කර
සවන් දිය හැකිය. වැඩි වියදමක් නැතිව සාදාගන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රොනික් පරිපත සෑදීමට කැමති ආදුනිකයන්ට මෙය හොද අත්හදා බැලීමක් වෙයි.
L1 කොයිල සදහා 3mm විෂ්කම්භය ඇති බටයක 20(S.W.G) කම්බියෙන් වට 4ක් ඔතා බටය ඉවත් කන්න.
කම්බි අතර දුර වෙනස් කරමින් වඩා පැහැදිලි හඩක් ලබාගන්න.
( C2058 වෙනුවට C839 යෙදිය හැකිය)

FACEBOOK එක ගැන මොනවද හිතෙන්නෙ?








FB එක අපේ රටේ අයට ගැලපෙනවද කියල මම හරියට දන්නෑ.හැබැයි ඒක හොද විදියට පාවිච්චි
කරනවනම් වරදක් නෑ කියල මට හිතෙනව. FB අපිට විවිධ අදහස් ඇති අයව හදුන ගන්න පුළුවන්.හොද මිතුරන් හොයා ගන්නත් පුළුවන්.ඒඅතර නරක අදහස් ඇති අයත් ඉන්න පුළුවන් එහෙම නැ කියන්නත් බෑ.අපි දැනගන්න ඕන කවුද හොද කියල.හැබයි FB යන්න පුරැදු උනාම නොගිහින් බැ වගෙ කියල දැනෙනව.....කතාවක් තියෙනවනෙ ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියල ඒක මතක තියාගෙන වැඩ කරනවනම් හැමෝටම හොදයි.මම හිතන්නෙ මේක නිසා මිනිස්සු  අතර තියෙන සම්බන්ච කම් ගොඩනැගෙනව කිනල.සමහර මාධ්‍ය නම් මේකට ගොඩක්
මඩ ගැහුව.....ඒ ගොල්ලො කියන විදියට මේක නිසා වැරදි වලට පෙලනෙව කියල.ඒත් ඇත්ත නම් FB  තිබුනත් නැතත් වැරදි වලට යොමු වෙන කෙනා ඒක මොන විදියකින් හරි කරනව.උප්පැත්තියෙන් අරන් එන දේවල් කොච්චර කිවුවත් වෙනස් නරන්න බැනෙ.
ඇත්තටම ඔයාලට FB එක ගැන මොනවද හිතෙන්නෙ?
 
Design by Sri Lanka | Bloggerized By Yasantha Ruwan Karunarathne | yasantha.net@gmail.com | Pitigala