අපේ කේනදරේ බලා ගන්න,දෙන්න හොදට ගැලැපනවද කියල දැනගන්න.....මෙන්න ඒකට විසදුම....



මේක මට ගොඩක් ඉස්සර හම්භ වුන සොෆ්ට්වෙයා එකක්.මම මේකෙන් ගොඩක් දේවල් හොයා ගෙන තියෙනවා.මේකෙන් හදන හදහන හරියටම හරි.99% සාර්ථකයි.හදහන් බලන අය හදන හදහනයි මේකයි
එක සමානයි.හැබැයි හරියට හදන අයගෙ ඒව විතරයි.මේකෙ තිනේනෙ ගණනය කරන ක්‍රමයක්. උපන් වෙලාවයි, උපන් දිනයයි හරිට දුන්නහොත් හරි කේන්දරේ ලැබෙනවා.මේකෙන් තවත් දෙයක් කරන්න
පුළුවන්......ඒක අපේ කට්ටියට ගොඩක් වැදගත් වෙයි.පොරොන්දන් බලන්න පුළුවන්....දෙන්නගෙ වෙලා දෙකයිඋපන් දිනෙයි දැම්මම හරි.  දෙන්න කොච්චර ගැලපෙනවද කියල කේන්දර වලට අනුව බලාගන්න පුළුවන්.
 
මේව හරියට පුරවන්න ඕන.එක තැනක හරි වැරදුනෙත් හැම දේම වෙනස් වෙනවා.මේක win XP,win  7 වල Dos mode එකේ දුවන වැඩසටහනක්.(kendara  software download here)

සුභ අලුත් අවුරැද්දක් වේවා...........WISH YOU HAPPY NEW YEAR

ඉතින් කොහොමද කට්ටියට අවුරැදු ඒම.මට නම් අවුරැද්ද හරිම පාලුයි.වෙන අවුරැදු වගේ නෙමෙයි මේක හරිම වෙනස්.හරිම කම් මැලියි.අපේ සිංහල චාරිත්‍ර ටික ටික අඩුවේගන යනව වගේ කියල මට හිතෙනවා.වෙන අවුරැදු වල වගේ නෙමෙයි අවුරැදු උත්සවත් මේසැරේ ගොඩක් අඩුයි.ආර්ථිකේ නිසාද දන්නෑ වැඩි උද්යෝගයක් නැත්තෙ.
කොහොම උනත් හැමෝටම සාමය සතුට පිරි සුභ අලුත් අවුරැද්දක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.

Hsdpa modem වල මතුවන දෝශ.........


මම පාවිච්චි කරන්නෙ Huawei E160 modem එකක්.window 7 වලට කරදරයක් නැතිව ගත්තට සමහර වෙලා වට හරිම වදයක්,ඒක drivers වල වැරද්දක්ද නැතිනම් කනෙක්ෂන් එකේද කියන්න දන්නෙ නැ.මොකද අපේ පැත්තෙ තවමත් 3G දීල නෑ.මම යන්නෙ GPRS හරහා.එපා වෙනව සමහර වෙලාවට.වේගය නම් අන්තිමයි.කවද අපිට 3G ලැබෙයිද කියල හිතාගන්න වත් බෑ.ලංකාවෙ තියෙන හැම network එකක්ම මෙහෙ
තියෙනවා හැබැයි එකක වත් 3G දීල නෑ.හැම usb line වලටම modem එක හරියට වැඩ කරන්නෙත් නෑ.කේබල් එකක් හරහා ගැහුවම modemඑක සමහර වෙලාවට ගන්නෙත් නෑ. 
දැනට මම පාවිච්චි කරන්නෙ airtel Rs99 පැකේජ් එක,ඒකෙන් යනතම් net කනෙක් කර ගන්නවා.ඒකත් ගොඩක් වෙලා ට්‍රයි කරල තමා.ගොඩක් වෙලාවට මට වෙන problem එක තමයි ටික වෙල‍ාවක් හොදට UP, Download වෙලා මුකුත්ම නොවී නිකන් තිබීම.ඒ දෝශය මොකේද කියලහිතා ගන්න බෑ.දෝෂෙ තියෙන්නෙ Network එකේද modem එකේද කියල තේරෙන්නෑ. 3G තියෙනතැන් වල අයට මේවගේ ප්‍රශ්ණ නැතිව ඇති. GPRS වලින් යන නිසාද දන්නෑ මෙහෙම දේවල් වෙන්නෙ.මේකට ගන්න විසදුමක් නැද්ද?

සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර....... සුභ නව වසරක් වේවා!


මම ලියන්න දෙයක් හොයන කොට මට හම්බ උනා අපේ අළුත් අවුරුදු චාරිත්‍ර සහ නැකැත් වෙලාවන් තියෙන ලිතක්.ඉතින් ගොඩක් ගෙවල් වල අළුත් අවුරුදු ලිත් තියෙනවා ඒත් කමක් නෑ නැති අයට දැනගැනීම පිනිස මම මේක ලියන්නෙ. (දැනට පවතින වෙලාවලට අනුව)


පරණ අවුරුද්ද සදහා ස්නානයකිරීම.
අප්‍රේල් මස 12 වන සදුදා දිවුල් පත් මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට   දේවතානුස්මරනය කොට වාසය මැනවි.

අළුත් අවුරැදු උදාව.
2010 අ‌ප්‍රේල් මස 14 වැනි බදාදා පෙ.ව 06.58 සිංහල අළුත් අවුරැදු අදා වෙයි.

පුණ්‍ය කාලය.
අප්‍රේල් මස 13 වෙනි අගහරැවාදා මධ්‍යම රාත්‍රී 12.34 (14 වෙනිදා පෙ.ව 00.34ට)
සිට 14 වෙනි බදාදා ප.ව 01.22 දක්වා පුණ්‍ය කාලය පවතී.

ආහාර පිසීම.
අප්‍රේල් මස 14 වැනි බදාදා පෙ.ව 07.01 ට පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී   උතුරැ දිශාව බලා ලිප් බැද,ගිනි මොලවා,කිරි බතක්ද උදු මිශ්‍ර කැවිලි වර්ගයක් පිලියල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම,ගණු දෙනු කිරීම සහ ආහාර අනුභවය.
අප්‍රේල් මස 14 වන බදාදා පෙ.ව 09.07 ට පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරැ දිශාව බලා සියලු වැඩ අල්ලා ගණු දෙනු කර ආහාර අනුභවය මැනවි.

හිස තෙල් ගෑම.
අප්‍රේල් මස 15 වන බ්‍රහස්පතින්දා පෙ.ව 10.06 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරැ දිශාව බලා හිසට බෝපත්ද,පයට කොහොඹ පත්ද තබා තෙල් සහ බෝපත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.

රැකිරක්ෂා සදහා පිටත්ව යෑම.
අප්‍රේල් මස 19 වෙනි සදුදා පෙ.ව 06.42 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උදු මිශ්‍ර කැවිලි වර්ගයක් සහ කිරිබතක් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත් වීම මැනවි.


XP වලට වඩා Windows 7 හොදයි ද?

මට මුලින් ටිකක් Windows 7 එපා වේගන ආවා,ඒත් දැන්නම් එහෙම නෑ.
ටිකක් හුරැ උනාම හැම දේම හරි. Windows 7 වලට ගැල පෙන software
Net එකෙන් ගන්න පුළුවන් නිසා ප්‍රශ්නයක් නෑ.අනෙක් කාරනාව XP වල
වැඩ කරන ගොඩක් software Windows 7 වල වැඩ කරනවා. XP වල වැඩකරන
Windows 7 වලට වැඩ නොකරන software උනත් දාගන්න විදියකුත්
තියෙනවා,ඒක කියල දුන්නෙ යාළුවෙක්..... Windows 7 මට හොදටම
ගැලපෙන ඔපරේටින් එක කියල හිතෙනවා.ඒකෙ කලහැකි වැඩ ගැන හිතෙන
කොට නම්බර් වන් Windows 7 තමා,මට හිතෙන විදියට....
එහෙම වැඩ නොකරන Software Windows 7 වලදී Software exe file එක
right click කරල properties අරගෙන එහි ඇති Compatibility window එකේ
Compatibility mode එකේ run this program in Compatibility mode for යන්නේන්
XP mode එක තෝරලා Run කරන්න. (ඔයාලට කොහොමද Windows 7 හිතෙන්නෙ?)

Blogger template එකට background picture දාගන්නේ කොහොමද?


මෙය පිලිබද දන්නා කෙනෙක් ඉන්නවා නම් කරුණාකර උදවු වෙන්න.
කොහොමද කරන්නෙ කියා කිව  හැකිනම්  ලොකු උදවුවකි.
ස්තුතියි..........

Caller Time වැඩිම phone වර්ගය මොනවාද?

වැඩියෙන් කතා කිරීම ( මල් කැඩීම ) භාවිතා කල හැකි ‍ෆෝන් කියන්නෙ හැම වෙලෙම
චාජ් නොකර වැඩි වෙලාවක් භාවිත කලහැකි ෆෝන් වර්ග, මමත් ෆෝන් වර්ග දෙක තුනක්
භාවිතා කලා අන්තිමට නැවතුනේ Nokia 111O ෆෝන් එකෙන්......
කිසිම කරදරයක් නැතිව දවසට පැය 5 – 6 ක් ඒකෙන් මම කතා කරනවා.ෆෝන් එකේ
මිලත් එක්ක බැලුවාම ගොඩක් වටිනවා. ඔයාල මේ වැඩේට (මල් කැඩීමට) හොදයි කියල
හිතෙන ෆෝන් වර්ග මොනවා ද?
පාවිච්චිකරපු ෆෝන් http://www.classified.wow.lk/ එකෙන් හොයා ගන්න පුළුවන්.....

Computer වලට විනකරන වදකාර මහසෝනා (virus ) එලවමු.

මෙම Virus ය පෙන්ඩ්‍රයිව් හරහා පැතිරෙන (malware) නරක වැඩසටහනකි.මෙය
පරිගණකය තුලට පැමින ඇතිවිට ෆෝලඩර්ස් තුල mahasona.exe ලෙස ෆයිල් එකක් ලැබේ.
මෙය ඉවත් කිරීමට පහසුවෙන්ම භාවිතා කලහැකි ඇන්ටි වයිරස් සොෆ්ට් වෙයා වන්නේ
Kaspersky,Avast, avira මෘදුකාංග භාවිතා කල හැකිය.
පෙන් ඩ්‍රයිව් මත ඩබල් ක්ලික් කොට Open කිරීමේ පුරැද්ද අතහැර දැම්මෝතින් මෙවැනි
Malware වැඩසටහන් ඒම වලක්වා ගක හැකිය. පෙන් ඩ්‍රයිව් Open කිරීමේ හොදම
ක්‍රමය වන්නේ අයිකනය මත රයිට් ක්ලික් කර Open කිරිම හෝ windows explorer
මගින් විවෘත කිරීමයි. Warring :- මෙය කිරීමට හොදින් මතක තියා ගන්න.

 
Design by Sri Lanka | Bloggerized By Yasantha Ruwan Karunarathne | yasantha.net@gmail.com | Pitigala